පාතාල සාමාජිකයෙකුවන කුඩු අංජුගේ සගයෙකු වූ සිතුම් නිලංග පීරිස් හෙවත් අසංක නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පංචිකාවත්තේ දී අත්අඩංගුවට ගැනුණා.
සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරුවලට අනුව මීගොඩ පොලිස් වසමේ ඔහුට අයත් ඔහුගේ කුලී නිවසේ තිබී විදෙස් රටක නිශ්පාදිත රිවෝල්වරයක්, පතොරම් 10 ක් හා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සදහා යොදන පතරොම් 10 ක් ද සොයා ගැනුණා.
සැකකරු 2016 වසරේ පිළියන්ද සිදුවූ වෙඩි තැබීමකට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ අයෙක්.