fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවකට සූදානම් නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 15:52

ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවකට සූදානම් නැති බව ඉරානය නිවේදනය කරනවා.

සජීවී රූපවාහිනී වැඩසටහනක් අතුරතුරදීයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මේ බව සදහන්කර සිටියේ. ඇමෙරිකාවේ ප්‍රතිපත්ති රහිත වැඩපිළිවෙළ සමඟ යළිත් එකගතාවක් ඇතිකර ගැනීමට තමා සූදානම් නොමැති බව ඔහු තවදුරටත් පවසා සිටියා. තම ප්‍රධානම හතුරා වන ඇමෙරිකාවේ වැඩපිළිවෙළට සම්පූර්ණ විරෝධතාව දක්වන ලෙසයි ඔහු ඉරාන වැසියන්ගෙන් ඉල්ලා සිටියේ.

උතුරු කොරියානු නායකයා සමඟ ඇතිකරගත් පරිදිම ඉරානය සමග ද ඇමෙරිකාවට වාසි සහගත න්‍යාය පත්‍රයකට කටයුතු කිරීමට සූදානම් වන බවයි ඔහු චෝදනාකර සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2020 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo