පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝකර තිබෙනවා.
එරට පනවා ඇති නිරෝධායන නීතිද දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ලීමා අගනුවරට පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවන බව මාධ්‍ය සදහන් කරනවා.
ඒ එරටින් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 55 ක්ම ලීමා නගරයෙන් හමුවීම හේතුවෙනුයි.