ලබන 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් බව දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන් පවසනවා.
මේ වනවිට ඡන්ද විමසීමට අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල වලට ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ මධ්‍යස්ථාන 712 කදී ඡණ්ද විමසීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව දිස්ති‍්‍රක් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළා.
කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 565 කදී ඡන්ද විමසීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසන්නේ.
මේ අතර හෙට (02) මධ්‍යම රාතී්රයෙන් පසු සියලු ප්රචාරක කටයුතු අත්හිටුවීමටයි නියමිතව ඇත්තේ.
ප්රචාරක අත් පත්‍රිකා බෙදීම, පෝස්ටර්. බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු ද හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හෙට (02) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ආරම්භ වන නිහඩ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.