fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිතට සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට අධිචෝදනා

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:52

හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළා. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් සිද්ධිය සම්බන්ධවයි.

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුවයි විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රථිපලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදුකිරීම එම අධිචෝදනාවලට ඇතුළත්. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo