fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ ලේඛනවලට නොරැවටෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:39

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත්ව සංසරණය වන ලිපි ව්‍යාජ ඒවා බව එම පෙරමුණ අවධාරණය කරනවා. එවැනි ව්‍යාජ ලේඛනවලට නොරැවටෙන ලෙසයි එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය මෙන්ම පදනම් විරහිත තොරතුරු ඇතුළත් කූඨ ලේඛන විවිධ පුද්ගලයන්ට තැපැල් මගින් යවන බව වාර්තා වී තිබෙනවා.

පක්‍ෂ ලේකම්වරයාගේ අත්සන යොදා මෙම අසත්‍ය කූඨ ලේඛන සකස් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ. පක්‍ෂය හෝ පක්‍ෂ ලේකම්වරයා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින කිසිදු අපේක්‍ෂකයෙකුට ඡන්දය දිමෙන් වළකින ලෙස දැනුම් දීමක් කර නැහැ.

පක්‍ෂ ලේකම්වරයාගේ අත්සන යටතේ සංසරණය වන මෙම ලිපි සම්පූර්ණයෙන්ම අසත්‍ය හා කූඨ ලේඛන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo