fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු තොගයක් එක්ක ප්‍රබල ජාවාරම්කරුවෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:29

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් විසිතුනක් සමග සකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

බ්‍රැන්ඩියාවත්ත පාරේ අංක එකසිය පහෙන් සී නිවසේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඩ් රාසික් මොහොමඩ් රුස්නි හෙවත් පූකුඩිකන්නාගේ ඥාතියෙකු මෙසේ මත්කුඩු සමග අත්අඩංගුවට ගැණුනා. සැකකරුගේ වයස අවුරුදු තිහක් පමණ වන බවයි වාර්තා වන්නේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම සිදුකළා.

මේ අතර මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුණා. තලංගම පොලීසිය සිදුකළ මෙම මෙහෙයුමේ දී මත්කුඩු සමග ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සදහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo