fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා හමුවේ වුවද තේ කර්මාන්තය කඩා වැටෙන්නට ඉඩදුන්නේ නැහැ – අගමැති

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 18:28

කොරෝනා වැනි වසංගතයක් හමුවේ වුවද මෙරට තේ කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට රජය සමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ ගැටලු පිළිබද රජයට මනා අවබෝධයක් ඇති බවයි කලවාන පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් කලවාන නගරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේක්ෂක ජානක වක්කුඹුර මහතා එය සංවිධාන කර තිබුණා.

මේ අතර කහවත්ත මහජන ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. අපේක්ෂක ප්‍රේමලාල ජයසේකර මහතා එය සංවිධාන කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරගවදින අපෙක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2020 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්