ගොවිතැන අත්හළ පිරිසට ආකර්ෂණීය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ඒ චාරිකාවකට එක්වෙමින්.
කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගත හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින්.
තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එම චාරිකාව ආරම්භ කෙරුණා. අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, විදුහල්පතිවරයා , ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යයන් විසින් විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගයමින් සුලෝචනා සංදීපනී සිසුවිය කතාවක් පැවැත්වූවා. ගොඩනැගිලි හා පානීය ජලය ඇතුලු අඩුපාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන්නැයි ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා.
අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා තණමල්විල පොදු ක්‍රීඩාංගනයේ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමා ජනතා ගැටලු විමසා බැලුවා. බරපතල ගැටලුවක්ව පවතින වන අලි තර්ජනය, ඉඩම් ඔප්පු නොලැබීම, පොල්කටුවැව ඇල ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව ජනතාව මෙහිදී ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. කිරි එළදෙනුන් පැහැර ගෙන යාමේ ගැටලුව ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.
අපේක්ෂක ගයාශාන් නවනන්ද මහතා වැල්ලවාය ඇතිලිවැව තෙලුල්ල බෝධිරාජාරාමය අසල ක්‍රීඩාංගනයේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ඉමහත් හරසර පුද කළා. සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉඩම් බලපත්‍ර නොලැබීම, කිරිදිඔය අසල ඉඩම් ගැටලුව, ඇතිලිවැව ද්විතීක පාසලේ අඩුපාඩු හා ප්‍රදේශයේ විදුලි ගැටලු ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කිරීමටයි පියවර ගැනුණේ.
විදුලිය සැපයීම සම්බන්ධ ගැටලු එම අවස්ථාවේදීම විසදිමට ජනාධිපතිතුමා පියවර ගත්තා.