එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට ඊට හේතුවයි.
එක්සත් ජාතික පක්ෂයෙන් පළාත්පාලන ආයතනවලට තේරී පත්වූ නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය අද (31) තීරණය කළා. ඒ බව අදාළ පළාත් පාලන නියෝජිතයන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙරද එක්සත් ජාතික පක්ෂය හිටපු පාර්ලිමේන්තුවරුන් සහ පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු 115 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කළා. ඒ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.
මෙවර මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරගවදින සහ එම පක්ෂයේ කටයුතුවලට ක්‍රියාකාරී සහයෝගය ලබාදෙන 37 දෙනෙකුගේයි පක්ෂ සාමාජිකත්වය අද (31) දිනයේද අත්හිටුවීම සිදුකළේ.