හොංකොං හි විපක්ෂ අපේක්ෂකයන් දොළොස් දෙනෙකුට මැතිවරණයට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අහෝසි කර තිබෙනවා.
මෙම තත්ත්වයත් සමග රට තුළ දැඩි දේශපාලන ආතතියක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්රජාතන්ත්රවාදය සඳහා පෙනී සිටි අපේක්ෂකයන් දොළොස් දෙනෙකුයි මෙසේ තහනමට ලක්ව ඇත්තේ. ඒ අතර ඉදිරිපෙළේ ක්රියාකාරිකයන් වන ජෝෂුවා වොන් සහ ලෙස්ටර් ෂුම් ද සිටින බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථා විරෝධී හැසිරීම් ඇතුළු කරුණු කිහිපයක් දකිවමින් ඔවුන් මැතිවරණයට ඉදිරිපත්විම සඳහා සුදුසු නැති බව බලධාරින් තිරණය කර තිබෙනවා.