ඉදිරි මහ මැතිවරණයේ දී පක්ෂපාතීත්වයක් දක්වන සහ ආකාර්යක්ෂම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
එවැනි සිදුවීම් පිළිබද 1933 දුරකතනය ඔස්සේ දැනුම් දෙන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/enSlISaPG9M”]
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ලෙස සිදුකිරීම සදහා පොලිස් නිලධාරීන් 4000 ක් සහ රාජ්‍ය නිලධාරීන් 1500 දෙනෙකු යොදවා ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීම් එස් එම් සමන් බන්දුලසේන මහතා පැවසුවා.
වන්නි දිස්ත්‍රික්කයට අදාළව අවතැන් ඡන්ද 6275 ක් ඇති බව සදහන් කළ තේරීම් භාර නිලධාරීවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12 ක දී ඔවුන් වෙනුවෙන් ඡන්ද විමසීම සිදුකරන බවයි කියා සිටියේ.
සෞඛ්‍ය තත්ත්වයන් පිළිබද කිසිදු භීතියකට පත් නොවී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කටයුතු කරන ලෙස මඩකලපුව තේරීම්භාර නිලධාරිනී කලාමතී පද්මරාජා මහත්මිය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවන සහතික කිරීම සදහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඇය සදහන් කළේ.
මඩකලපුව දිස්ත්‍රිත්කයේ ඡන්ද දායකයන් හාරලක්ෂ නවදහස් පන්සිය අනූපස් දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 416 ක් ස්ථාපිත කර තිබෙනවා.