මහනුවර ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (30) වීදි සංචාරය කරනවා.
නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාල සමගින් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර අද (30) රාත්‍රී හයයි හතළිස් නවයට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.
දළදා වීථිය, ඩී එස් සේනානායක වීථිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථීය, ඊ එල් සේනානායක වීථිය ඔස්සේ ගමන් කර රජ වීථියෙන් ඉහළට පැමිණ පෙරහැර ගෙවිදීමටයි සැලසුම් කර තිබෙන්නේ.