රාජ්‍ය සේවයේ දූෂණ හා අක්‍රමිකතා නවතා එය කාර්යක්ෂම සේවාවක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ඒ කලුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කලුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටිනවා.
අපේක්ෂක මහින්ද සමරසිංහ මහතා පානදුර කෙසෙල්වත්ත මහජන ක්‍රීඩාංගනයේ සංවිධාන කර තිබූ ජන හමුවට එකවෙමින් ජනාධිපතිතුමා කලුතර දිස්ත්‍රික් චාරිකාව ආරම්භ කළා. ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුලපුරා තිබෙනවා.
කෘෂිකාර්මික හා නිෂ්පාදන ක්ෂේත්රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසයි රැස්ව සිටි ජනතාවට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. නවීන තාක්ෂණය මුසුකර ගොවි ආර්ථිකය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ සදහා කෘෂිබෝග ආනයනය නවතා අස්වැන්නට ඉහළ මිලක් ලබා දීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
උපාධිධාරීන් හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා එක් ලක්ෂ පනස්දහසක් ලබා දීම මහ මැතිවරණයෙන් පසුව සිදුවනවා. ඒ සියලු අවස්ථා රටේ සංවර්ධනයට ඉවහල් වනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් සදහන් කළේ.
අපේක්ෂක ජගත් අංගගේ මහතා පානදුර නගර සභා පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගි වු ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහකට ද එක්වුණා. දිස්ත්‍රික්කයේ පවත්නා අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සොයා බැලීමටයි කටයුතු කෙරුණේ. කලුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුවට විසදුම් දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පානදුර කොරොස්දූව ක්‍රීඩාංගනයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගි වෙමින්.
පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලට බාධා එල්ල වුණා. ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස මෙම හමුවට එක්ව සිටි සිසුන් පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. කලුතර හෙද විදුහල අලුත් වැඩියා කිරීම පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා පානදුර මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි අලුත්වැඩියාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම ඉටු කිරීමට ජයන්ත සමරවීර මහතාට භාර දුන්නා. හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.