දේශසීමා වසා දැමීම කෝවිඩ් වසංගතයට එරෙහි ස්ථිරසාර උපායමාර්ගයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
තම සංවිධානය මෙතෙක් මුහුණ දුන් දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වය මෙය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ට්රෙඩ්රෝස් ඇඩනම් ග්‍රේබියේසස් පවසන්නේ. වසංගතය පරාජය කළ හැක්කේ ආරක්ෂිත මුහුණ ආවරණ පැළඳීමේ සිට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමෙන් පමණක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. අද වන විට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්කෝටි හැටහය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.