හොංකොං රාජ්‍යයේ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ආසාදිතයින්ගෙන් රෝහල් පිරී යාම හේතුවෙන් රෝහල් පද්ධතිය කඩාවැටීමට ආසන්න වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. සමාජය තුළින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර වී ඇති බැවින් හැකිතාක් සිය නිවෙස් තුළ රැඳී සිටින ලෙසයි එරට ජනතාවට දැනුම් දී තිබෙන්නේ. ගත වූ පැය 24 තුලදී හොංකොං රාජ්‍යයෙන් නව ආසාදිතයින් එකසිය හයක් වාර්තා වී ඇති බව හොංකොං රජය පවසනවා.