වසර 9 කට පසු රත්රං අවුන්සයක ඉහළම මිල අද වාර්තා වුණා.
මේ වන විට රත්රං අවුන්සයක වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකා ඩොලර් 1930ක් බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා. මීට පෙර ඉහළම මිල ලෙස ඇමෙරිකා ඩොලර් 1920 ශත 24 වාර්තා වූයේ 2011 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. 2020 වසර ආරම්භයේදී රත්රං අවුන්සයක වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකා ඩොලර් 1517ක් වූ අතර මාස හතක කාලයක් තුළදී එම අගය ඩොලර් 400 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳ ගනුදෙනු සඳහා රත්රං භාවිතය ඉහළ යාම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ලෝක රත්රං කවුන්සිලය නිවේදනය කරන්නේ.