බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට අද (28) සිට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.
ඒ අනුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් හා තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාම නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බැවින් වෙරළ ආසන්නයේ ජිවත් වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.