මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන 6 වනවිට අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 23 දෙනාගෙන් 17 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැදවූවන් බව කොවිඩ් 19 පැතිරීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 597 දක්වා ඉහළ ගියා.
සේනපුර රැඳවියන් 17 දෙනාට අමතරව සෙසු හය දෙනා හමුවී ඇත්තේ විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදීයි. කන්දකාඩුවලින් හමුවූ අය අතුරින් හාරසිය අසූ දෙදෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවූවන්. කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකුට ද වෛරසය ආසාදනය වුණා. ආරාධිත කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ද ඒ අතර වනවා. මෙම සියලු දෙනාගේ පවුල්වල හා සමීපතමයන් 44 දෙනෙකු කොරෝනා රෝගීන් බවට පත්වුණා. වැලිකඩ බන්ධනාගාරයේ වෛරසය ආසාදනය වූ රැඳවූවෙකු ඇසුරුකළ පුද්ගලයෙකුට ද වෛරසය වැළදී තිබෙනවා.
මේ වන විට මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,805 ක්. ඉන් 2121 දෙනෙකු සුවය ලබා සිටිනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ ආසාදිතයන් 673 දෙනෙකු පමණයි. අද උදෑසන වන විට පුද්ගලයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 80 දෙනෙකු රෝහල්ගතව සිටිනවා.