ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන මස 28 වනදා සිට සැප්තැම්බර් මස 20 වනදා තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
විධායක කමිටුවේ අද පැවති රැස්වීමකදීයි මෙම අනුමැතිය පළ වුණේ. මෙම තරගාවලියට තරග 23 ක් ඇතුළත්. ආර් ප්‍රේමදාස , රන්ගිරිදඹුලු , පල්ලේකැළේ හා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලදී මෙම තරග පැවැත්වෙනු ඇති. කොළඹ , නුවර , ගාල්ල , දඹුල්ල හා යාපනය වශයෙන් ක්‍රිකට් කණ්ඩායම් 5 ක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරනවා. ජාත්‍යන්තර ක්‍රිඩකයන් 70 කට වැඩි පිරිසක් එම කණ්ඩායම් යටතේ තරග කරනු ඇති. ලොව ප්‍රධාන පෙළේ තරග පුහුණුකරුවන් ද තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි. මෙරට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ඊට එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.