නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්යාන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඔවුන් අද දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරුණා. එහිදී ලබන ඔක්තෝබර් 10 වනදා දක්වා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.