අද උදෑසන වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ සමඟ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,782ක්.
අද උදෑසන වන විට හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 12 දෙනාගෙන් පස් දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් බව කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු ,කාර්ය මණ්ඩල සාමාජිකයෙකු , වැලිකඩ බන්ධනාගාරයෙන් එක් අයෙකු සහ කටාර් සිට පැමිණි 4 දෙනෙකු ද ඒ අතර වනවා.
මේ වන විට පුනරුත්ථාපනය වන රැඳවියන් 465 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා. කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු , ආරාධිත කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු සහ ළගින් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනෙකු ද ආසාදිතයින් අතර සිටින බවයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2,782 ක් වුවද ඉන් 2,106 දෙනෙකුම සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 665 දෙනෙකු පමණයි. රෝහල්වල විමර්ශනය යටතේ 75 දෙනෙකු පසුවනවා.
ඊයේ රාත්‍රි යේ ඩුබායි සිට එක් පුද්ගලයෙකු ද අද උදෑසන දෝහාර් සිට පුද්ගලයින් 53 දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එම නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද දිනය තුළ පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත යාමට නියමිතයි. අද දිනයවන විට පුද්ගලයින් 26942 නෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 3556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
මේ වන විට PCR පරීක්ෂණ එක් ලක්ෂ පනස් එක් දහස් තුන්සිය විසි හතරක් සිදුකර තිබෙනවා. ඒ ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණ 1380 ක් ද සමඟයි. අද උදෑසන 6.00 වන විට පුද්ගලයින් තුන්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.