fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා සැත්කම සාර්ථක වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2020 19:42

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණා.

විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සක්‍රීය දායකත්වය ඇතිවයි මෙම අක්මා සැත්කම සිදු කෙරුණේ. ජීවි දායකයෙකුගේ අක්මාවක කොටසක් යොදා ගනිමින් වයස අවුරුදු 9ක කුඩා දැරියකට මෙම අක්මා සැත්කම සිදුකර තිබෙනවා. ඇය සිරෝසීස් රෝගයෙන් පීඩාවිඳිමින් සිටි දැරියක බවයි වෛද්‍යවරුන් පවසන්නේ. විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සැත්කම සාර්ථක ලෙස සිදුකළා. කුඩා දරුවෙකු සඳහා මෙවැනි අක්මා බද්ධ කිරීමේ සැත්කමක් මෙරටදී සිදු කෙරුණේ පළමුවරටයි. දුර්ලභ රෝගී තත්ත්වයකින් පසුවූ කිෂානු නමැති යාපනය ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක උපතලද මෙම දැරිය සුවය ලැබීමෙන් පසු තමන්ට අලුත් ජීවිතයක් ලබා දීම ගැන සියලු දෙනාට ස්තුති කළා. ඇය වෙනුවෙන් අක්මා දායාදය සිදුකර තිබුණේ 38 හැවිරිදි ඇගේ මවයි. පැය 12කට වැඩි කාලයක් ගතවූ සංකීර්ණ ශල්‍ය කර්මයකින් පසු දරුවාගේ ජීවිතය බේරාගැනීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සමත්වුණා. විදේශ රටක මෙම සැත්කම සිදුකළේ නම් රුපියල් මිලියන 10 කට වැඩි මුදලක් වැය වනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2020 19:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්