ළමයින් අපයෝජනයට ලක්කොට වීඩියෝ පට නිර්මාණය කළ ඉංග්රීසි භාෂා පිළිබඳ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර ගුරුවරයා නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පස් වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. කොල්ලුපිටිය පොලීසිය සහ ජාතික ළමා රක්ෂක අධිකාරියේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදීයි සැකකාර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු අතින් ළමයින් තුන්දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බව හෙළිවුණා. සැකකරු 54 හැවිරිදි පන්නිපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.