මෙරට එළවළු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලු ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බදුල්ල හාලිඇල ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි අග්රාමාත්යවරයා මේ බව සදහන් කළේ. එළවළු ගොවීන්ට වනඅලින්ගෙන් සිදුවන බාධා කඩිනමින් විසදීමට කටයුතු කරන බව ද අග්රාමාත්යවරයා මෙහිදී කියාසිටියා. මෙරට අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 70 ක් පමණ බදුල්ල දිස්ත්රික්කයේ සිදුවන බැවින් අර්තාපල් ගොවීන් වෙනුවෙන් නව තාක්ෂණ ක්රමවේද යටතේ වැඩි අස්වැන්නක් ලබා දීමේ ක්රම හදුන්වා දෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
මෙවර මහ මැතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්රික්කයෙන් තරග වදින උදිත ලොකුබණ්ඩාර, සෙන්දිල් තොන්ඩමන් යන මහත්වරුන් ඇතුලු අපේක්ෂකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර බදුල්ල ගලඋඩකන්දේ ගෙදර ප්රදේශයේදී පැවති ජනහමුවකට ද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. දේශීය සහල් විදේශ වෙළෙදපොළට හදුන්වා දීම සදහා කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවයි අග්රාමාත්යවරයා එහිදී කියාසිටියේ.
2015 දී තම රජය පරාජය වන විට මත්තල ගුවන්තොටුපොළ වීවලින් පිරවීමට තරම් රට ස්වයංපෝෂිත වී තිබූ බව ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yMupMrYik3E”]