ටවර්හෝල් රගහල පදනම ඉදිරිපත් කරන ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය ඊයේ (24) ආරම්භ වුණා. මරදාන එල්ෆින්ස්ටන් හා ටවර් රංග ශාලාවන්හිදී ලබන 30 වනදා දක්වා එය පැවැත්වෙනවා.
කොරෝනා වසංගතයත් සමග නාට්‍ය කලාවෙන් දුරස් වූ ප්‍රේක්ෂකයින්, නාට්‍යවේදීන් සහ රංගන ශිල්පීන් නැවත වේදිකාව කෙරෙහි ආකර්ශනය කරගැනීමේ අරමුණ ඇතිවයි ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය පැවැත්වෙන්නේ. ප්‍රවීණ නාට්‍යවේදීන් රැසකගේ විශිෂ්ට වේදිකා නාට්‍ය 14 ක් මේ යටතේ වේදිකාගත කෙරෙනවා.
ටවර්හෝල් රගහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය සංවිධාන කෙරුණා. ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවයේ සමාරම්භ උත්සවය එල්ෆින්ස්ටන් සහ ටවර් රංග ශාලාවන්හිදී පැවැත්වුණු අතර ටවර් හෝල් රගහල පදනමේ අධ්යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුන් ඇතුළු කලාකරුවන් රැසක් ඊට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Nrh2D90cZFg”]