වැඩ තහනමට ලක්ව සිටින අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (24) භාරවුණා.
කාලිංග කලුඅග්ගල නමැති මෙම නිලධාරියා මීගමුව වැඩබලන මහේස්ත්රාත් කරුණාජීව ගමගේ මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
ඔහු බූස්ස බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මීගමු බන්ධනාගාරයේ සිදුවූ දූෂණ ක්රියා සම්බන්ධයෙන් ක්රියාත්මක විමර්ශනවලට අදාළව මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කළා.