fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 09:09

පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරිම සඳහා පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිලිබදව අධ්‍යයනයට කමිටුවක් පත්කිරිමටයි ජනාධිපතිතුමා තීරණය කළේ. ඒ මහා සංඝරත්නය සහ විෂය පිලිබද විද්වතුන් සහභාගී කරගනිමින්. පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරිම සදහා ප‍්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණය කිරිමයි එහි අරමුණ.

ජනාධිපතිතුමා මෙම අදහස් පළකළේ ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ හතරවන සභා වාරයට එක්වෙමින්. කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරිමට කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේ. එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කිරිමයි අරමුණ. ඒ සම්බන්ධයෙන් මහ සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාදිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.

මෙම වැඩපිලිවෙලට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ජා කර තිබෙනවා. යටත් විජිත යුගයේදී සහ පසුකාලීනව මෙරටින් රැගෙන ගිය පුරාවස්තු යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත් වුනා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක හිඟය පිරවීම සදහා ඒ පිලිබද න්‍යායාත්මක සහ ප‍්‍රායෝගික දැනුමක් සහිත උපාදිධාරින් බඳවා ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2020 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්