fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2040දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් වලින් වැසෙයි – සමීක්ෂණයක් අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 16:58

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉදිරි විසිවසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගත හොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවටයි එම සමීක්ෂණයෙන් අනතුරු අගවන්නේ. සාගර ජලයෙහි පවත්නා අපද්‍රව්‍ය මගින් විනාශවී යන මුහුදු ජීවින්ගේ සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ යා හැකි බව ද සදහන්.

කොරෝනා සමය තුළදී ප්ලාස්ටික් නිෂ්පාදන එක්වරක් පමණක් භාවිතා කිරීම හා ප්ලාස්ටික් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ භාවිතය ඉහළ යාම මෙම ගැටලුව තීව්‍ර කිරීමට සමත්වී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා භාවිතයට ගැණෙන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් ද ප්‍රබල ගැටලුවක් වී ඇති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණ වූයේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo