fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත අගමැතිට විරුද්ධව ක්‍රියාත්මක උද්ඝෝෂණ උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 16:34

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාට විරුද්ධව ක්‍රියාත්මක උද්ඝෝෂණ උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ නිල නිවස අසලට රැස්වූ උද්ඝෝෂකයින් අග්‍රාමාත්‍යවරයාගේ අනුරූ පුළුස්සා දමමින් උද්ඝෝෂණයේ නිරත වන බවයි වාර්තා වන්නේ. දූෂිත මැතිවරණයකින් බලයට පත්වීම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම ආදී කරුණු රැසකට විරෝධය දක්වමින් හා අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි මෙම උද්ඝෝෂණ සංවිධාන කර ඇත්තේ.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසක්ද උද්ඝෝෂණ සදහා සහයෝගය ලබා දෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා  හමුදා කුමන්ත්‍රණයකින් 2014 වර්ෂයේදී බලයට පත්වූ අතර 2019 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2020 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්