පුත්තලම දිස්ත්රික්කයට ඇද හැලෙන තද වැසි හේතුවෙන් අස්වනු නෙළීමට ආසන්න තත්ත්වයේ පැවති වී වගාවට හානි සිදුව තිබෙනවා.
කුඹුරු අක්කර 400 කට අධික ප්රමාණයකට හානි සිදුව ඇති අතර ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මාදම්පේ ප්රදේශයේ වී වගාවටයි.
මෙසේ හානියට පත් වගා සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වන්දි ලබා දීමට පියවර ගන්නා බව පුත්තලම සහකාර ගොවිජන කොමසාරිස් පාලිත සේනාධීර මහතා ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HYydHoync10″]