අද (24) උදෑසන ගුවන් මගින් දෝහා සිට පුද්ගලයින් 13 දෙනෙකු හා චෙන්නායි සිට පුද්ගලයින් 30 දෙනෙකු මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා අදාළ මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.
මේ අනුව අද (24) වනවිට පුද්ගලයින් 25,794 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තිබෙනවා. එමෙන්ම මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,535 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ වනවිට පීසීආර් පරීක්ෂණ එක්ලක්ෂ හතලිස් පන්දහස් තුන්සිය හැත්තෑ තුනක් සිදුකෙරුණා. ඊයේ දිනය තුළ පමණක් සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,380 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.