කුරුණෑගල ඓතිහාසික බුවනෙක ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයට නගරාධිපතිවරයා උප නගරාධිපති ඇතුළු කිහිප දෙනෙකුට වළක්වාළමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කරන රජයේ අධිනීතීඥ සහ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනෙවිය.
[ot-video type=”youtube” url=”https://youtu.be/M9k87-CMBnQ”]
පුරාවිද්‍යා වටිනාකමින් යුත් කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සදහා අග්‍රාමාත්‍යවරයා, විද්වත් කමිටුවක් පත් කළා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව අදාළ වාර්තාව ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නා. මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කිරීම ඇතුළු යෝජනා කිහියක් එම වාර්තාවේ ඇතුළත් වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මක ලෙස වාර්තාගත කර තිබීම හා සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවටයි කමිටුව යෝජනා කළේ. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට ද යෝජනා කර තිබෙනවා.