fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්ජ් බුෂ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 13:22

ගුවන්මගීන් ගෙන් වෛරසය ආසාදනය වීම අවම කිරීම සඳහා ජෝර්ජ් බුෂ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබෙනවා.

ගුවන් මගීන්ගේ ගමන් මළු පරික්ෂාවට ලක්කිරීම, ගුවන් ගමන් බලපත්‍ර පරික්ෂා කිරීම ආදී කටයුතු සඳහා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. එමෙන්ම ගුවන් යානාවට ඇතුල්වීමේදී ගුවන් මගියාගේ ජීව දත්ත සහ සෞඛ්‍යමය තොරතුරු පරිගණක ඔස්සේ නිරීක්ෂණය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. එම නිරීක්ෂණ මත ගුවන් මගීන් ගුවන්යානාවට ඇතුල් කිරීම ප්‍රතික්ෂේප කිරීම ද එම අවස්ථාවේදීම සිදුවීම විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2020 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්