කෝවිඩ් වෛරස ව්‍යාප්තියත් සීඝ්‍ර වීමත් සමග බොලීවියාවේ සුසාන භූමිවලට මුදාහැරෙන මෘතදේහ දිනෙන් දින ඉහළ යමින් පවතින බවද වාර්තා වනවා.
වෛරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරීයාමත් සමග සෞඛ්‍ය අංශ කඩා වැටීම මීට හේතුවී තිබෙනවා. රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබාදීම අපහසු වීම හේතුවෙන් ජීවිත රැසක් මේ වන විටත් අහිමි වි තිබෙනවා. බොලීවියාවෙන් මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හැට දෙදහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2273ක්.