fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 16:07

ටෝකියෝ ඔලිම්පික් උළෙල එළඹෙන වසරේදී අනිවාර්යයෙන්ම පවත්වන බව එහි සංවිධායක මණ්ඩලය නිවේදනය කරනවා.

වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් නොවූවද 2021 වසරේ ජුලි 23 වන දින අනිවාර්යයෙන්ම ටෝකියෝ ඔලිම්පික් උළෙල පවත්වන බව සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී ටොෂිරෝ මුටෝ පවසනවා. තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. ඔලිම්පික් උළෙල කල් දැමීම හේතුවෙන් තමාට දැරිය නොහැකි තරම් වියදමකට මුහුණ දීමට සිදුවන බවද ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කරනවා. ලබන සිකුරාදා දිනයේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබූ අතර වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය වසරකින් කල් දමනු ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2020 16:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්