වෛරස ආසාදිතයින් සඳහා ක්ලෝරීන් ඩයොක්සයිඩ් ලබාදීමට බොලිවියා සෙනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ සමගම ඖෂධ වෙළෙඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තාකර සිටියේ. කෙසේ වුවද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් මිනිස් සිරුරට හානිදායක බවයි. බොලීවියා සෞඛ්‍ය අමාත්‍යාංශය ද එය ඖෂධයක් ලෙස ආසාදිතයින්ට ලබාදීමට මැලිකමක් දක්වනවා.