2020 මහ මැතිවරණයේ තැපැල් ජන්දය ප්රකාශ කිරිම සදහා තවත් අමතර දින දෙකක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා.
ඒ පසුගිය දින දෙකේ දිස්ති්රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයන් වෙනුවෙන්. ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට තැපැල් ජන්දය සලකුණු කළ හැකි බවයි කොමිසම පවසන්නේ. ඊට පසුදින එනම් ලබන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වාද ඒ් සඳහා අවස්ථාව පවතිනවා.
මෙතෙක් තැපැල් ජන්දය සලකුණු කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයින්ට තම කාර්යාලය පිහිටි දිස්ති්රක්කයේ දිස්ති්රක් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම් සලසා ගත හැකි බවයි කොමිසම දැනුම් දෙන්නේ.
සලකුණු කළ තැපැල් ජන්ද පැකැට්ටු කඩිනමින් දිස්ති්රක් මැතිවරණ කාර්යාල වෙත ලබන 23 වනදාට පෙර භාරදෙන ලෙසද සහතික කිරිමේ නිළධාරින්ට දැනුම් දී තිබෙනවා.