උතුරු සහ දකුණු චීනය වෙන් කෙරෙන හුආයි ගංගාව ආශ්රිත ප්රදේශයේ ගංවතුර අවදානම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
යැංසි ගංගාව ආශ්රිත ප්රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමත් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් හේතුවෙන් හුආයි ගංගාව ආශ්රිත ප්රදේශයේ ගංවතුර තත්ත්වය දැඩි අවදානම් මට්ටමට ළගාවී ඇති බවයි චීන වාර්තා සදහන් කරන්නේ. මේ වනවිට ක්රියාත්මක වන සහන කටයුතු සඳහා ද මේ හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා. එක්ලක්ෂ අනූදහසකට ආසන්න පිරිසක් වාසය කරන මෙම කලාපයේ සංක්රමණිකයින් වැඩි පිරිසක් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.