ලොව සියලු දෙනාට එක සේ ප්‍රතිඵල ලබාගත හැකි අයුරින් කෝවිඩ් නයින්ටීන් වෛරසය සඳහා වූ එන්නත් නිපදවීමට ලෝක දේශපාලන නායකයන්ගේ අවධානය යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඉහළ පෙළේ දේශපාලන නායකයින් සමග ස්විස්ටර්ලන්තයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්රෙඩ්රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එන්නත තුළින් ආර්ථිකමය වාසි ලබාගැනීමට අවධානය යොමු නොවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ධනවාදි ආර්ථිකයක් හිමි රටවල් මෙන්ම ඉතා දිළිදු පිරිස් වෙසෙන රටවලටද එන්නතේ වාසි සමසේ ලබාදිය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.