ඊයේ දිනය තුළ දී ඇමෙරිකාවෙන් නව ආසාදිතයින් 62,879 ක් වාර්තා වුණා. ඒ අනුව ඇමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස්නව ලක්ෂ හැටඑක්දහස ඉක්මවා තිබෙනවා.
මරණ සංඛ්‍යාව 143,834 ක්. මෙතෙක් මුඛ ආවරණයට ගරහමින් එය ප්‍රසිද්ධියේ පැළඳීම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවර වෙනස්ක කරමින් එය ප්‍රවර්ධනයට එක්ව තිබෙනවා.
ඒ කෝවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට ඇමෙරිකාව මෙහෙයවූ ආකාරය පිළිබඳ මැතිවරණ වසරේ දී බහුතර ඇමෙරිකානුවන් නොසතුට පළකිරීමත් සමගින්. ඒ අනුව තමන්ගේ මුද්‍රාව සහිත මුඛ ආවරණයක් පැළඳි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ එමගින් ජාත්‍යාලය පෙන්නුම් කරන බවයි.