කොලොම්බියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගියා.
ලතින් ඇමෙරිකාව කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. බ්‍රසීලය , පේරු රාජ්‍යය , මෙක්සිකෝව සහ චිලී රාජ්‍ය මෙන්ම කොලොම්බියාව ද ඉහළ අසාදිතයින් සංඛාවක් වාර්තාවන ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මෙවන් පසුබිමක් පැවතිය ද කොලොම්බියාවේ නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.