මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,728ක් දක්වා ඉහළට
Related Articles
මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,728 දක්වා ඉහළ ගියා. ඒ අද දිනයේ හදුනාගත් රෝගීන් 4 දෙනෙකු ද සමඟයි. කන්දකාඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා පොකුරේ සංඛ්‍යාව 561 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් 6 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටත්ව ගියා.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 676 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව 119 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2041 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කන්දකාඩු පොකුරේ 451 දෙනෙකුම පුනරුත්ථාපනය වන රැදවූවන් බවයි. 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් වන අතර ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් 5 දෙනෙකු ද වනවා. ළගින් ඇසුරු කළ පුද්ගලයන් 42 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. පුද්ගලයන් විසිහතර දහස් දෙසීය තුන් දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක් තුළ පුද්ගලයන් හයදහස් පනස් දෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ දී PCR පරීක්ෂණ එක්දහස් හැත්තෑවක් සිදුකර ඇති අතර ඒ අනුව මෙරට තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ තිස්හත්දහස් හාරසිය හතක්.
කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ 906 දෙනෙකු අතුරින් 904 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා.
ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කොට්ඨසයේ කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ බවට හඳුනාගත් 21 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඔවුන් ගැමුණුපුර තල්පොත ආදී ප්‍ර දේශවල පදිංචිකරුවන්.
මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කොරෝනා මර්දන කටයුතු වලට තම ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ ද දායක විය හැකි බවයි. රාජගිරියේ පැවත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අවධාරණය කළා.