ඉන්දියාව, නේපාලය හා බංග්ලාදේශයට බලපා ඇති මෝසම් වර්ෂාව හේතුවෙන් මිලියන 4 ක පමණ පිරිසක් අවතැන්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් 200 කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රහ්ම පුත්‍ර ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවට හා බංග්ලාදේශයට නායයාම් ඇති වී තිබෙනවා. වගා බිම් අක්කර මිලියන ගණනක් මේ වන විටත් විනාශ වී ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වනෝද්‍යානයක වාසය කරන වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති රයිනෝ සත්ත්වයින් 8 දෙනෙකු ඇතුලු තවත් වන සතුන් 100 ක් පමණ මිය ගොස් ඇති බව එහි පාලනාධිකාරිය සඳහන් කරනවා.