දේශපාලන යෝධයෝ කියූ අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම ආර් එම් ගුණසේන ක්රීඩාංගනයේ පැවති ජනහමුවේදී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා. තම පාලන කාලයේ ගොඩනැගූ බොහෝ දෑ විකිණීමට යහපාලන රජය ක්රියා කළ බවයි අග්රාමාත්යවරයා එහිදී පෙන්වා දුන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වූ බලපෑම් නිසා ජයග්රාහී නෙළුම් පොහොට්ටුව ලාංඡනය යටතේ පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණය ජයග්රහණය කිරීමට සමත් වූ බව ද අග්රාමාත්යවරයා කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pQYoGMjkUhI&feature=youtu.be&fbclid=IwAR0A-gU3D-UHKMj02kQQgHmrxmGkv6VnJ57UT5zw6X2AMYlomQtN99xXjPM”]