බලයට පත්වන ආණ්ඩුවලට අවශ්‍ය ආකාරයට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
වරාය නගර ව්‍යාපෘතිය අතරමග නතරකර දමා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අයගෙන් පළි ගැනීමට යහපාලන රජය ක්‍රියා කළ ආකාරය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. රටක් දියුණු කිරීමට නම් යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතායි ජන හමුව සංවිධාන කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් මීට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/waQzJfY98Lw”]