fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයක රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2020 19:50

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය සමත් වුණා.

බගවන්තලාව නගරයේ ස්වර්ණාභරන වෙළදසැලකට පැමිණි පුද්ගලයෙකු තමන් සතු මාලයක ගාන්චුවක් සැබෑ රත්තරන්දැයි පරික්ෂා කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.  එය පරික්ෂා කළ ස්වර්ණාභරණ වෙළෙදසැල් හිමිකරු එය සැබෑ රත්තරන් බවත් වටිනාකම රුපියල් පනස් දහසක් වන බවත් පවසා තිබෙන අතර ඉන් පසුව ඉතා සූක්ෂම ලෙස සැකකරු ඔහු සතුව තිබූ  රන්මාල ගාන්චුව මාරු කර ව්‍යාජ ගාන්චුවක් වෙළෙදසැලේ හිමිකරුට අලෙවි කර රුපියල් පනස් දහසක මුදලක් ද රැගෙන පිටවී ගොස් තිබෙනවා.

ඔහු මෙම වංචාව සිදුකරන ආකාරය වෙළෙදසැලේ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.  කෙසේ වෙතත් මෙම වංචාව පිළිබදව දැනගත් ස්වර්ණාභරණ වෙලෙදසැලේ හිමිකරු මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට දැනුම් දුන්නා. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු පළාගිය මෝටර් රථයේ තොරතුරු අනුව පරික්ෂාකර එහි සිටි පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන් සතුව තිබී රත්‍රන් පෙන්ඩන් 4ක්, අත් පළදනාවක් සහ රන් ගාන්චු තුනක් ඇතුළු ආභරණ ද සොයා ගැනුණා. සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙවැනි වංචාවන් සිදුකර ඇති බවයි හෙළිව තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2020 19:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්