සමස්ථයක් ලෙස තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තාවූ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා ප්රකාශ කළේ.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවූ නිලධාරීන්ට ලබන 20 සහ 21 දෙදින අතිරේක දවස් ලෙස නම්කර තිබෙනවා.
නිරෝධායනයට ලක්කර ඇති රාජ්ය සේවකයන්ට තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අගෝස්තු 4 වනදා දක්වා අවස්ථාව සලසාදී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.