මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මැතිවරණ ප්‍රචාරණය, රැස්වීම් පැවැත්වීම සහ මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊට ඇතුලත්.
සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට භාරදුන් අතර, පසුව ඊට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවුණා.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ.
ලබන පස්වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් සහ ඡන්ද දායකයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි මෙහි අන්තර්ගත වනවා.