හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුලු 33 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මෙම කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරියකට කොරෝනා ආසාදනය වීම ඊට හේතුවයි. ඇයගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ අතර පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඇසුරු කළ අය සදහා පීසීආර් පරික්ෂණ අද සිදුකෙරුණා. එමෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් 35 දෙනෙකු හා ත්‍රිරෝද රථ රියදුරන් 15 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ ද සිදුකෙරුණා.
මෙම රෝගීන් පිළියන්දල රෝහලට ගොස් ඇති බැවින් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ද පී සී ආර් පරික්ෂණ සදහා යොමු කෙරුණා.
කොරෝනා වසංගතයෙන් වෛද්‍යවරුන් ආරක්ෂා කිරීමේ අරමුණින් උෂ්ණත්වය මැන බැලීමේ රොබෝ යන්ත්‍රයක් වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ 1992 කණ්ඩායම නිර්මාණය කර තිබෙනවා. එය මීගමුව රෝහල වෙත පරිත්‍යාග කෙරුණා.